Tuesday, February 2, 2016

losers ever: Rationalists in the Real World සැබෑ ලෝකයේදී පරාජය වන හේතුවාදී චින්තනය

ගුප්ත විශ්වාස ඇත්තේ ලංකාව ඉන්දියාව ආදී රටවල පමනක්ද?

සැබෑ ලෝකයේදී පරාජය වන "හේතුවාදී චින්තනය"

අප රටෙහි අන්ධ මාධ්‍යයෙන් පෙන්වන අවිචාරවත් මනෝ වැඩසහහන් වල වීරයින් වන මනෝ වෛද්‍යතුමන්ලා හා හේතුවාදී මහතුන් "මිත්‍යා" ලෙස හඳුනවන දෑ ලංකාවේ සහ ඉංදියාවේ පමනක් ඇති කෙජ්ජක් ලෙස පුම්බා උඩහැරීමට උත්සාහ කලද සැබෑව මෙය නොවේ. ඔබ දැනුවත් වීම හා අනෙකුන් දැනුවත් කිරීම ඔබසතු වගකීමකි.

රැවටීම හා වංචා චින්තන රටාව මත මනෝ ගැසීම හා සියලු දේ මේ මතම සිදු වේයයි උලුප්පා දැක්වීමට දෙවාල යන්ත්‍ර මන්තර හොරුන් පිරිසක්ද කරලියට පැමින ඇතිනිසා මෙය ලිවිය යුතු යයි මට සිතේ.

ශ්‍රී ලංකාවේ හේතුවාදී චින්තනයේ මූල බීජය වන කොවුර් මහතාගේ දෙවියෝ සහ භූතයෝ නම් ග්‍රන්තයෙහි 210 වන පිටුවෙහි සිට 231 වන පිටුව දක්වා සවිස්තරව දක්වා ඇත්තේ දියුනුවට ප්‍රධාන භාදාව ලෙස ඇත්තේ මිත්‍යා ලෙසින් සඳහන් කර ඇති කටයුතු ගැන ජනයාගේ ඇති විස්වාසය හා එමකටයුතු සඳහා කාලය නාස්ති කිරීමයි. කුමන ආකාවූ අද්‍යයනයකින් මෙය සොයා ගත්තේද යන්න ගැටලුවකි. මේ දක්වා කිසිම රටක සමීක්ශනයකින් හෝ ආර්ථිකමය අද්‍යනයකින් මෙය සඳහන් කොට ඇති බව දැනගැනීමට ලැබී නැත.මෙය හුදු තම මත වාදය ප්‍රචලිත කිරීමට ගත් බාල උත්සාහයක් බව ඉතා පැහැදිළිය.

කොවුර්: දෙවියෝ සහ භූතයෝ 211 වන පිටුව

බටහිර රටවල ආගමික හෝ ආධ්‍යාත්මික ස්ථාන බහුතරයක් ප්‍රතික්ශේප කරන බව මෙයින් කෙටියෙන් කියවේ. ඔවුන්ගේ එකම කාර්ය තම වෘර්තීය කටයුතු වල නියැලීමයි ?

ලොව බලවත් හා ධනවත් රාජ්‍යයන් අතුරින් මුල් ස්ථානයේ සිටින ඇමරිකාවේ පසුගිය දශකයේ දී සමීක්ෂන මගින් ලබාගත් දත්ත සංසන්දනාත්මක සටහනක් පහත දැක්වේ.

ඇමෙරිකාවේ ආගමික හා පාරභෞතික අත්දැකීම් ලබන පිරිස කාලයත් සමග වැඩිවන ආකාරය

මෙයින් කියවෙන දෙය ඉතා පැහැදිලිය එනම් 1968 වර්ශයට සාපේක්ෂකව 2001 වන විට ජනතාව තුල ගුප්ත විශ්වාසයන් වැඩිවී ඇති බවයි. ඉහත සඳහන් කාලයතුල ඇමරිකාව විශාල ලෙස ආර්ථික හා තාක්ෂනික අංශ වල අතිමහත් සංවර්ධනයක් ලබාගත් අවධියයි. මෙම විශ්වාසයන් දියුනුවට භාදාවක් වී ඇත්ද නැද්ද යන්න විස්තර කිරීමට උවමනා නැත.

නමුත් පොදුවේ අප අපේක්ෂා කරන්නේ මෙම සම්බන්ධතාවයේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයයි. විද්‍යාත්මකව හා ආර්ථිකමයව සමාජය දියුනුවත් සමග මෙම ප්‍රවනතා වැඩිවීමට කිනම් ආකාරයක හෝ සාධක ගනනාවක් බලපා ඇති බව පැහැදිලිය.

පවතින සමාජයේ දියුනුවේ ප්‍රධාන සාධකය ලෙස සලකනු ලබන ආදායම් මට්ටමට යමෙකුගේ ආගමික නැඹුරුව කිනම් ආකාරයකට බලපායිද? ඇමෙරිකානු සමාජය සලකනවිට එහි ගම්‍යවීම මේ ආකාර බව සමීක්ෂන මගින් තහවුරු කොට ඇත.

ඇමෙරිකාවේ ආදායම සහ දේව භක්තිය අතර සම්බන්ධතාවය 2015
මෙහි වැඩිම ආදායම් ලබන බහුතරය වැඩිම ආගමික නැඹුරුව ඇති පිරිස බව ඉහත ප්‍රස්ථාරයෙන් පෙනේ.ආගමික විශ්වාසය වැඩි පලමු කන්ඩායම් දෙක (59%, 19% ) 78% කි. ඔවුන් වැඩිම ආදායම හිමි බහුතරය වීමට සමත්වී ඇත. 

ආගමෙන් පවසනු ලබන විද්යාත්මකව සාධනයකල නොහැකි බොහෝ දේ ඇති බව සැබෑය. නමුත් ප්‍රායෝගිකව විශ්වාසයන්? හා අදාල පුද්ගල ප්‍රතිලාභයන් ලැබී ඇතිබව මෙයින් ඔප්පුවේ.

සැප-පහසුව භුක්ති විඳීම ගැනසලකා බැලූවද ආගමික භක්තිය වැඩි පිරිස ඉදිරියෙන් ඇතිබව පෙනේ.

ඇමෙරිකාවේ පුද්ගල සැපපහසුව සඳහා ආගමික භක්තිය බලපෑම 2015

කොවුර් මහතා පොත් ලියමින් පුවත්පත් ලිපිපලකරමින් කියාසිටියේ සැබෑවද? ජේම්ස් රැන්ඩි මහතා තම ජීවිත කාලයේ වැඩිම කාලයක් වැය කර ඇමෙරිකාවට දුන් පණිවිඩයේ සාර්ථකත්වය කෙතරම්ද කියා ඉහත උදාහරන මගින් පැහැදිලිවේ. හේතුවාදී ව්‍යාපාරය කෙසේ වෙතත් අනවසර සංක්‍රමනිකයෙකු තම සහකරුලෙස තබාගත් ඔහුට අවසානයේ උසාවි යාමට සිදුවිය.

රැන්ඩිට එරෙහි නීති ප්‍රශ්නය මාද්‍ය වාර්ථකර ඇති අයුරු
හේතුවාදී ව්‍යාපාරය බිහිවී වර්ෂ 400 ක් පමණ වෙතත් එහි අසාර්ථකත්වය මැනවින් මෙම උදාහරන මගින් පිළිඹිබු වේ.අපට පෙනෙන්නට ඇති "හේතුවාදය" යනු විද්‍යාව නොවේ. නමුත් විද්‍යාව තුල තර්කනය හා සහේතුක කරුනු දැක්වීමට මූලික හේතුවාදී දර්ශනය භාවිතාවේ. විද්‍යාත්මක කරුනු ස්වල්පයක්,මැජික් උපක්ක්‍රම හා හුදු උපකල්පන රාශියක් මත සියලු දෙය අර්ථ නිරූපනය කිරීමට උත්සාහ කලද මතවාදයක ලෙස මිස සැබෑලෝකයේදී  හේතුවාදය අසාර්ථක වේ.

මෑත කාලයේ පාරභෞතික සිද්ධීන් අලලා පලවුනු අන්තර්ජාතික මාද්‍ය වාර්ථාරැසක් එක්කර නිර්මාණය කර ඇති වීඩියෝවක් පහත දැක්වේ. මෙයින් අප තේරුම් ගත යුත්තේ සැබෑ ස්වභාවය සහ විද්‍යාවේ දියුනුව කුමක් උවත් මෙවැනි ආකාර සිදුවීම් ලොව පුරා වාර්ථා වන බවයි.






Wednesday, January 20, 2016

Rationalist got debunked හේතුවාදීන් පරාජිතයි

Rationalists got debunked හේතුවාදීන් පරාජිතයි

විද්‍යාත්මක කරුනු පදනම් කර සියලු ආකාරයේ සාම්ප්‍රදායික විෂයන් මිත්‍යාවන් බව ප්‍රකාශ කරමින් මහා වීරයන් බවට පත්වීමට වෙරදරන සියලු ආකාරයේ පුද්ගලයන් හට facebook, utube and blogger ආදී Social media networks තුලින් මා ඉදිරිපත් කල විද්‍යාත්මක කරුනු පදනම් කර ගත් තර්කයන් අභියෝගයට ලක්කිරීමට මේ වන තුරු හැකියාවක් ලැබී නැත. අනාගතයේද එසේම බව ස්තිරයි.

ඒ සඳහා සාක්ෂිලෙස මගේ facebook Activity Log එකෙන් කොටසක්...
































Thursday, November 19, 2015

Dr.Vidyakulapathi and his All in One "hallucination" මොකක්ද මේ විද්‍යාකුලපති ඩොක්ටර් කියන "හැලුසිනේශන්" ?

හැලුසිනේෂන් ( මනෝභ්‍රාන්තිය )  මානසික  අසාමාන්‍යතාවයක්  ද  ?

ඇත්ත දැනගන්න



වෛද්‍ය විද්‍යාවට අනුව hallucination (භ්‍රාන්තිය) කියන්නෙ මානසික රෝගීතත්වයක් ?? . වෛද්‍ය විද්‍යාත්මකව මෙහි අර්ථය වන්නේ හඳුනාගතහැකි බාහිර සාධකයක් ( stimuli ) නොමැතිව ඇතිවන ව්‍යාජ අවබෝධයයි ( false perception ). සරලව කිව්වොත් සැබෑ දෙයක් නොමැතිව දෙයක් පෙනීම එහෙම නැත්නම් සැබෑ ශබ්දයක් නොමැතිව ශබ්දයක් ඇසීම වැනි තත්වයන්ය. මෙයට පුද්ගලයෙකුගේ ආගමික හෝ සංස්කෘතික තත්වය බල නොපාන බව පැවසෙනවා. සමහර හැලුසිනේශන් තත්ව ඉතා සුලු වේලාවක් පවතින අතර Charles Bonnet syndrome (CBS) වැනි තත්ව වලදී පැයකිහිපයක් නොනවත්වා මෙය ඇති වෙන්න පුළුවන්. පෙනීම, ඇසීම, ගඳ-සුවඳ, රස, ස්පර්ශය ආදී ඕනෑම දෙයක් මේ ආකාරයෙන් ඇති විය හැකිය.

මෙයට සමාන තවත් තත්ව දෙකක් තියනව පලවෙනි එක මායාව (illusion) මෙතනදි කෙනෙක් තමන්ට පෙනෙනදේ ගැන වැරදි අර්ථකතනයක් දෙන්නෙ. කාන්තාරයකදී පෙනෙන මිරිඟුව මේ වගේ දෙයක් ඒ වගේම අඩ අඳුරේ සුලඟට සෙලවෙන ගසක අත්තක් සතෙක් කියල යමෙක් බයවෙන්න පුලුවන්. දෙවනි එක මුළාව (delusion) වැරදි විශ්වාසයන් මත පදනම්ව නිරීක්ෂනයන් අර්ථකතනය කිරීම. සාමාන්‍ය ගුවන් යානා, චන්ද්‍රිකා, කාලගුණ බැලුන් ආදිය ඡායාරූප පිටසක්වල යානා හැටියට පෙන්වා දීම වැනි දේ මේ යටතේ ගන්න පුලුවන්.

විද්‍යාත්මක පැතිකඩ

මොලය සමග සංවේදෙ ඉන්ද්‍රියන් (ඇස්,කන්,නාසය, දිව සහ සම ) සම්බන්ද වන්නේ ස්නායු තන්තු මගින් බව අප දනිමු. මෙම ස්නායු තන්තු දෙකක් සෘජුව එකිනෙකට සම්බන්ද නොවේ එනම් හිඩැසක් පවතී. මෙය උපාගමය (synapse) ලෙස හැඳින්වේ. මෙම උපාගමය තුලින් සංවේදන හුවමාරුවන්නේ විශේෂිතවූ රසායන ද්‍රවයන් මගින්ය. මෙවා නියුරොට්‍රාන්ස්මිටර්ස් ( ස්නායු සම්ප්‍රේෂක ?) ලෙස හැඳින්වේ. සමහර න්යුරොට්රාන්ස්මිටර් ස්නායු ආවේගයන් සම්ප්රේෂණ නිෂේධක (භාදක) ලෙසද සමහර න්යුරොට්රාන්ස්මිටර් උත්ප්‍රේරක ලෙසද ක්‍රියාකරයි. මෙම රසායනද්‍රව්යයන්ගේ අසමතුලිතතාවයක් ඇතිඋවහොත් එහි ප්‍රතිඵලයක් ලෙස හැලුසිනේශන් තත්වය ඇතිවේ.




හැලුසිනේශන් (භ්‍රාන්තිය) ඇතිවීමට බලපාන හඳුනාගත් තත්වයන්

1. මත්ද්‍රව්‍ය භාවිතය - මර්ජුවානා, එල්.එස්.ඩී, කොකේන්, amphetamines, හෙරොයින්, ketamine සහ මත්පැන් .
2. ඩිමෙන්ශියාව (dementia) - මොලයේ රෝගයක් හෝ මොලයේ තුවාලයක් නිසා ඇතිවන මානසික තත්වයක්.
3. delirium බරපතල මානසික ව්‍යාකූලත්වය - උන සහ විෂවීම් වලදී ඇතිවන මානසික තත්වයක්.
4. අපස්මාරය (epilepsy).
5. උන රෝගය - දරැවන් හා මහලු අය.
6. නිද්‍රාලුව (narcolepsy) - සන්සුන් පරිසරයකදී අසාමාන්‍යලෙස නිදිමත ඇතිවීමේ තත්වය.
7. භින්නෝන්මාදය හෙවත් සිසෝෆීනියාව (Schizophrenia) සහ මානසික අවපීඩනය හෙවත් විශාදය (depression) වැනි මානසික ආබාධ.
8. අන්ධ හෝ බිහිරි බව වැනි ලෙස සංවේදක ගැටළු.
9. අක්මාව ,වකුගඩු HIV / AIDS රෝගය සහ මොළයේ පිළිකා ඇතුළු බරපතල රෝගාබාධ.
10. නිද්‍රාවිහිනතාවය (sleep deprivation) - එනම් පැය 72-96ක් වැනි විශාල කාලයක් නිදි වර්ජිතව සිටීම.
11. ඖෂධ අතුරු ආබාධ ලෙස - නිර්වින්දකයක් ලෙස භාවිතා කරනු ketamine (Ketalar),
Paroxetine(Paxil) විෂාදනාශක ඖෂධයක්, mirtazapine (Remeron) විෂාදනාශක ඖෂධයක්, zolpidem (Ambien) නිද්‍රා ඖෂධයක්
12. ඇල්සයිමර් රෝගය (Alzheimer's disease) භාවිතා කරනු ලබන ප්‍රතිමනෝව්‍යාධික ඖෂධ (antipsychotic medications)
13. HIV / AIDS රෝගය සඳහා භාවිතා කරනු ලබන ප්‍රතිවෛරස ඖෂධ (antiretroviral drugs)
14. Eye disorders, bacterial meningitis, rabies, herpes virus infections, Ly me disease ,toxoplasmosis, Jakob-Creuzfeldt disease, and late-stage syphilis, Migraine headaches and Post-traumatic stress disorder (PTSD)

වෛද්‍ය ප්‍රතිකාර

රෝගය ඇතිවීමට පාදක වූ කරුණු (ආබාධ) සැලකිල්ලට ගෙන ප්‍රතිකාර කරනු ලබයි.
1. anticonvulsant (ප්‍රතිආක්ෂේපක), antipsychotic (ප්‍රතිමනෝව්‍යාධික) සහ antidepressant (ප්‍රතිඅවපීඩක) ඖෂධ ලබාදීම.
2. මනෝ චිකිත්සාව ( psychotherapy).
3. මොළයේ හෝ කන් සැත්කම්.
4. මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම නවතාලීමට ප්‍රතිකාර.
සාමාන්‍ය නින්ද හා අවදිවීම තත්වයන් මත ඇතිවන භ්‍රාන්තිය රෝගී තත්වයක් ලෙස නොසලකයි.

රෝගය ඇතිවීමට හේතු.

හැලුසිනේශන් (භ්‍රාන්තිය) ඇතිවීමේ ස්නායු විද්‍යාත්මක හේතු දැනට සම්පූර්ණයෙන්ම තේරුම් ගෙන නැත. නමුත් ඇතිවන්නා වූ නිශ්චිත අසාමාන්‍ය තත්වයන් (disorders) තුළ හඳුනාගත් සමහර සාධක සැලකිල්ලට ගෙන මෙය පැහැදිලි කිරීමට විවිධ කල්පිතයන් පර්යේෂකයන් විසින් යෝජනා කර තිබේ.
----------------------------------------------------------------------------------------------------------------------------------
මෙය සමහර අවස්ථා වල දැනට සොයා ගත් සියලු කරුනු අභිභවා ඉතාමත්ම නිරෝගී පුද්ගලයන් තුල ඇතිවීම ස්නායුවිද්‍යාත්මකව තහවුරු නොකල කරුනකි. මෙවැනි සිදුවීම් ගනනාවක් පර්යේශකයන් විසින් වාර්තාකර ඇත. එමෙන්ම බොහෝ අවස්ථාවල ජීවිත කාලයේ කිහිපවරක් පමනක් ඇතිවීම පිලිබඳ අර්තකථනය කිරීමට විද්‍යාව අපොහොසත්ය.

කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ මනෝචිකිස්සක අංශයේ වෛද්‍ය අමින් ගාදිත් මහතා සිද්ධි වාර්ථාවක් (case report) ඉදිරිපත් කරමින් මෙවැනි සිද්ධියක් පෙන්වා දෙනු ලබයි.


"මෙම වාර්තාව විස්තරවන්නේ තම මවට බොහෝ ලෙංගතුව ගතකල 26 හැවිරිදි පුද්ගලයෙකු තම මව වියෝවීමෙන් බොහෝ තදින් කාංසා ජනක තත්වයකට මුහුන දුන්නේය. කෙටිකාලීන අසනීපයකට පසුව මවගේ මරනය දිගුකාලීන දොම්නසට හේතුවිය.මෙම රෝගියා තම මවගේ මරනයෙන් පසු ඇය දැකීම හා ඇය සමග සංවාදයේ යෙදීම පටන්ගන්නා ලදී. මෙය ඔහුගේ ස්වභාවය හා සමාජ ක්‍රියාකාරකම් වල මහත් අභිවෘඬියට හේතු විය. ඔහුගේ බිරිඳ ඔහුව ප්‍රතිකාර සඳහා රැගෙන එන ලදුව කිසිම ආකාරයක මනෝව්‍යාධික තත්වයක් අනාවරනය කර නොගන්නා ලදී. මෙය සැබෑ මනෝව්‍යාධික තත්වයක් සේ සලකා ප්‍රතිකාර කිරීම හෝ මෙම වාර්තාගත තත්වය හා එකඟ නොවීම යන උභතෝකෝටික ප්‍රශ්නය මෙහිදී පැනනැගේ. මෙම අවස්තාව වන විට කිසිම සකර්මක ප්‍රතිකාරයක් ලබා නොදෙන ලදී."

කායික පරීක්ෂනය සාමාන්‍ය විය. 
රුධිර පරීක්ෂාව කිසිම අසාමාන්‍යතාවක් නොපෙන්වයි.
MRI හා EEG සාමාන්‍යයි.

මෙහිදී තම මව දිනපතා සවස තමන් සමග සංවාදයේ යෙදීමට පැමිනෙන බවත් සිරුර ස්පර්ශ කිරීමට ඉඩනොදෙන බවත් ඔහු ප්‍රකාශ කොට ඇත.මාස 7ක් වැනි කාලයක් දිගින් දිගටම රෝගියා වරින්වර පරීක්ෂාවට ලක් කර ඇති අතර වෛද්‍යමය වශයෙන් ඔහු ඉතා නිරෝගී තත්වයේ පසුවූබව වෛද්‍යවරයා තව දුරටත් සඳහන් කරයි. මොලයේ රසායනික ප්‍රතික්‍රියා පමනක් සැලකිල්ලට ගෙන සියලු සිදුවීම් නිර්වචනය කිරීම කල හැකි නොවන බවට වෙනත් සාක්ෂි අවශ්‍ය වේද?

මොලයේ රසායනික සංයුතියේ වෙනස්කම් දැකිය හැකි උවත් නැතත් සමාන අත්දැකීම් වලට මුහුන පෑම විද්‍යාවට අභියෝගයකි.

ලෝකයේ වෙසෙන සියලුම සතුන්ගෙන් බුද්ධියෙන් අගතැන්පත් මිනිසා සතු ස්නායු පද්ධතිය පිස්සු නැටීම අරුමයක් නොවේද ??? මානසික රෝග හැර කායික මානසික සෞඛය නිරෝගී පුද්ගලයන්ද මනෝභ්‍රාන්තියට ( non clinical / non pathological hallucinations ) මුහුනදීම විද්‍යාත්මකව විස්තර කර නැත.

මෙවැනි සිද්ධීන් හුදු මානසික රෝග ලෙස ලෝකය ඉදිරියේ ප්‍රකාශ කරමින් විද්‍යාවේ මාන පදනම් කර පිළිතුරු සෙවීමට අපහසු බව නොපෙන්වා මෙරටේ වෛද්‍යවරුන් මෙවැනි අවස්ථා වලට මුහුන දුන් පුද්ගලයින් හුදු මානසික රෝගීන් පමනක් බව පෙන්වා මහජනතාව නොමග යැවීම එතුමන්ලාගේ දක්ෂතාවක් නොව තම අසමර්ත තාවය විදහා පෑමක් බව ප්‍රකාශ කල යුතුය.

නියමිතවූ රෝග විනිශ්චයකින් තොරව මෝහනය මානසික ඖෂධ ලබාදීම ආදිය වෛද්‍ය ආචර ධර්ම වලට පටහැනිය. මෙම ප්‍රතිකාර අතුරු ආබාධ වලට තුඩු දෙන බව සාධක සහිතව වෙනත් ලිපියක සඳහන් කොට ඇත.

බටහිර රටවල මෙවැනි නරුම දොස්තරලා  නැත. ඔවුනට ගරු කිරීමට රීති පද්ධතියක් ස්ථාපිතය. නොගැලපෙන ප්‍රතිකාර කලහොත් උසාවි යාමට සිදුවේ. සායනිකව තහවුරුකල සාක්ෂි නොමැතිව හිතූ මතේ ප්‍රතිකාර කිරීම සාම්ප්‍රදාය නොවේ. මෙවැනි අවස්ථා වලදී ඔවුන් Case Report එකක් සකසා වැඩිදුර අද්‍යනයට පර්යේශකයන්ට ඉඩසලසයි. මෙහි Case Report නැත. වැඩිදුර පර්යේෂන නැත. මෙවැනි සිද්ධියක් දුටු සැනින් මෝහනය හෝ මානසික ඖෂධ ලබා දී හොඳින් ඇති මොලය අකර්මන්ය කර හෝ තම නිවට මතය තහවුරු කරගනී.



මෙය ප්‍රායෝගිකත්වය නැති පොතට පමනක් වහල්වූ දොස්තරලා සහ හේතුවාදීන් යයි කියාගන්නා බුද්ධිහීනයන් තේරුම් ගත යුතුය. හැලුසිනේෂන් යයි කියූ සැනින් වචන වලට බියවන අය කියවිය යුතු සත්‍ය සිද්දීන් දෙකක් පහත දැක්වේ.

රෝගියාගේ තත්වය කීවේ කව්ද ?
ධනංජය සමග ආ පෙරගමන්කරු



ධනංජය සමග ආ පෙරගමන්කරු The Stranger

හැලුසිනේෂන් මත විස්තර කල හැකිද  ?

සත්‍ය සිදුවීමකි. නම් ගම් සියල්ල මනඃකල්පිතයි.

ධනංජය වෛද්‍යවරයෙකි. ගම් ප්‍රදේශය අම්පාර උවත් ඔහුට ගම්පහ ප්‍රදේශයේ රෝහලකට මාරුවීමක් ලැබින. තම නවාතැන ලෙස නගරයට තරමක් ආසන්න ප්‍රධාන මාර්ගයෙන් මදක් ඔබ්බෙන් වූ නිස්කලංක පරිසරයක නිවසක් ඔහු කුලියට ගනු ලැබුවා. මෙදින පසුගිය යුධසමයේ එක් දිනකි. සුපුරුදු ලෙස ධනංජය රාජකාරී අවසන් කර තම මෝටර් රථයෙන් නිවසකරා යමින් සිටියා. වේලාව සවස හයට ආසන්න බව ඔහුට මතකය. නිවසට හැරෙන මංසන්ධිය ආසන්න වෙත්ම යමෙක් ඔහුගේ මෝටර් රථයට අත දිගුකලා. නගරයට ආසන්න උවද මෙම පාරේ තවමත් එතරම්ම නිවෙස් ඉදිවී ජනාකීර්න වී තිබුනේ නැහැ. මෙහි පදිංචි යමෙක් හදිසි අවශ්‍යතාවක් සඳහා ගමන් පහසුව සලසා ගන්නට යන්නේ යයි සිතූ වෛද්‍යවරයා මෝටර් රථය නතරකලා.


ඔහු ඉදිරියට ආවේ කඩවසම් තරුනයෙක්. "සර්, මම ලඟ මල ගෙදරකට යනව. ඉස්සරහ දකුනු අත පැත්තෙ තියෙන පොල්වත්තත් එක්ක  ඇතුලට හැරෙන පාර ගාව මාව ඩ්‍රොප් කරන්න පුළුවන්ද?" නගින්න මමත් ඒ ලඟට තමයි යන්නෙ". ඉදිරිපස දොර හැර අසුනේ වාඩිවූ අමුත්තා ගෙන් ආගිය තොරතුරු හා මියගිය අයගේ විස්තර ද විමසීමට ඔහු අමතක නොකලේය. මියගිය පුද්ගලයා තමන් සමග යුධහමුදාවේ සේවය කරන මිතුරෙකු බවත් උතුරේ හමුදා මුරපලකට ත්‍රස්තවාදීන් විසින් එල්ලකල ප්‍රහාරයක් නිසා ඔහු මිය ගිය බවත් අමුත්තා ප්‍රකාශ කලේය. මෙම දිනවල තමන් කෙටි නිවාඩුවක් ගත කරන නිසා මෙහි පැමිනි බවද තවදුරටත් හෙතෙම ප්‍රකාශ කලේය. "දැන ගත්ත එකත් හොඳයි, මමත් හවස ඇවිත් යන්න එන්නම්" යයි තම අදහසද ඔහුට ප්‍රකාශකල වෛද්‍යවරයා අදාල මංසන්ධියෙන් තරුණයා බස්වා නිවෙසට ගියේය. දවසේ විඩාව නිමාකර රාත්‍රී ආහාරයද කලින්ම ගත් ධනංජය ලඟ මල ගෙයක් ඇති බවත් එහි ගොස් ඉක්මනින් පැමිනිය හැකි බවත් නිවැසියන්ට පවසා නික්මගියේය.
ඔහු මල ගෙදරට යනවිට රාත්‍රී 8.30 පමන විය. කෙලින්ම ගෙතුලට ගොස් දේහයට අවසන් ගෞරව දැක්වීමට සූදානම්ව ඔහු වටපිට බැලුවේය. පසෙකින් තැබූ විශාල ඡායාරූපයකි. එය දෙස හොඳින් බැලූවිට තමන් සමග පැමිනි පුද්ගලයා බව ඔහු නිසැකවම හඳුනා ගත්තේය. ඉන් අනතුරුව ඔහු දේහයේ මුහුන බැලුවේය. එය වර්නයෙන් අවපැහැ ගැන්වී තිබුනද ඡායාරූපයේ මුහුනට සමගාමී ලක්ෂන බොහෝ ගැබ්වී තිබින. සිතට කුකුසක් නැගුනද අවසන් ගෞරව දක්වා ධනංජය ගෙන් පිටව තමන් සමග සවස පැමිනි අමුත්තා කොහිදැයි අවට සෝදිසියෙන් බැලුවේය. ඔහු විපරමින් ගමන්කරනු දැක අයෙක් පැමින 'ආ ඩොක්ට දැන් ගොඩක් වෙලාද ඇවිත් මේ අපේ මාම කෙනෙක්ගෙ ගෙයක්" ඇයි ඩොක්ට කවුරුත් එක්ක ඇවිත් මග ඇරුනද? හේ සංවාදයකට මුල පිරුවේය.
හිතවතා පසෙකට කැඳවූ ධනංජය සවස තමන් සමග මෙහි පැමිනි අමුත්තා පිළිබඳව කරුනු විමසීය. සවස තමන් මෙහි කාලය ගතකල බවත් එවැනි කෙනෙකු මෙහි පැමිනීම නොදුටු බවත් හෙතෙම කීහ. ඉන් අනතුරුව නිවසේ අයෙකු කැඳවූ හිතවතා සිද්ධිය විස්තරකර කරුනු විමසීය. එවැනි අයෙකු නොපැමිණි බවත් මෘත දේහය නිවසට ගෙන එන විට සවස 7.00 පමනවූ බවත් හැඩ රුව කථා විලාශය අනුව මියගිය තම සොයුරා හා සමාන බවත් ප්‍රකාශකල ඔහු තූශ්නිම්භූතව සිටියේය. මේ අතර ධනංජයගේ  සිත අමුතුම ආකාරයේ චකිතයකින් පිරීගියේය. මෙය ඔහු කිසිදා නොලැබූ අත්දැකීමක් විය.
ඔහු ආපසු යන්නට සැරසෙත්ම තම හිතවතාද පැමින නිවස දක්වා තනියට පැමින "ඕක ගනන් ගන්ඩ එපා ඩොක්ට.. මම ගිහින් තව ටිකක් හොයල හෙට අනිද්දට පනිවිඩේ කියන්නම්කො" කියා නික්මගියේය.
මෙම සිද්ධියෙන් අනතුරුව දනංජයට ප්‍රදේශය එපාවී ගියේය. ඔහු හැකි ඉක්මනින් වෙනත් ප්‍රදේශයකට සේවාමාරුවක් ලබා නික්ම ගියහ.

රෝගියාගේ තත්වය කීවේ කව්ද ? The Patient and status

හැලුසිනේෂන් මත විස්තර කල හැකිද  ?

සත්‍ය සිදුවීමකි. නම් ගම් සියල්ල මනඃකල්පිතයි.

ඇය නමින් නිමාලි ය. පියා ගේ ඇවෑමෙන් පසු  නිමාලි එකම බාල සොයුරා වූ නිමල් හා තම මව සමග නිවසේ සතුටින් ජීවත්විය. කාලය ගතවිය නිමල් හා නිමාලි තම අද්‍යාපන කටයුටුද නිමා කලේය. ටික කලකින් නිමාලිට රැකියාවක් සොයාගැනීමට හැකිවිය. මේ අතර නිමල් යුද හමුදාවට බැඳුනේය. කාලය නිසොල්මනේ ගෙවී ගියේය. හදිසියේම ලැබුනු දුරකථන ඇමතුමක් නිසා නිමාලි දැඩිසේ කම්පනයට පත්විය. ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී බෝම්බ පිපිරුමකට ලක්ව නිමල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව දැනගන්නට ලැබින. නමුත් දින දෙකක් ගතවීමට පෙර නිමල් මෙලොව හැරදා  ගියේය. නෑදෑපිරිස සහ හිතවතුන්ගේ සහාය ඇතුව නිමල්ගේ අවසන් කටයුතු සිදුවිය.

ඉන්පසු නිමාලී තම මව සමග නිවසේ තනිවිය. කෙසේ වෙතත් නිමාලිට දැඩි කම්පාවක් හෝ තනිකමක් නොදැනින. ඒ ඇයගේ කාර්ය බහුල ජීවන රටාව නිසා විය හැක. ඇය දින පතා රැකියාවට ගොස් සවස ගෙදර ආවේ බොහෝ රෑ බෝවුනු පසුවයි. මේ අතර මව නිතර නිතර නිමල් ගේ තුන් මාසේ දානය ගැන මතක් කලේය. එමනිසා නිමාලි සැලකියයුතු මුදලක් ඉතිරිකර දාන මාන කටයුතු හොඳින් සිදුකිරීමට සිතා ගත්තේය. නිවාඩු දිනවලදී නිමාලි තම් මව හා හිතවතුන් සමග ගේදොර පිරිසිදු කර දානයට සූදානම් විය. තව දානයට ඇත්තේ සති දෙකකි. මව හදිසියේම අසනීප විය. රෝහලට රැගෙන යන ලද අතර අසනීපය සංකීර්න නිසා නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවිය. යෙහෙලියකගේ මවක් සාත්තුවට තම මව ලඟ නතර කල නිමාලි සතියක් නිවාඩු දමා නිවසේ නතරවිය.

මේ මව රෝහල් ගත කර නික්මුනු දෙවන දිනයයි. උදයෙන්ම අවදි වූ නිමාලි සියලු රෙදිසෝදා ඉක්මනින් රෝහලට ගෙනයාමට ආහාර පිළියෙල කලේය. ඉන්පසු ගෙදොර පිරිසිදු කර ගෙනයායුතු දෑ බෑගයකට දමා තැබුවාය. වේලාව දවල් දොලහට ආසන්න වී ඇත. ඉක්මනින් ඇඳුමක් ඇඟ දවටා වහාම මුළුතැන්ගෙට ලූ ඇය බත් පාර්සල් දෙකක් එතීම කලේය. කුස්සියේ මේසයට වහාම ඉදිරියෙන් ඇත්තේ ජනේලයයි. ඒ සමගම කුස්සියෙන් පිටවන දොරටුව පිහිටා ඇත.අවසාන බත් පාර්සලය පිළියෙල කර අවසන් වෙනවාත් සමගම ජනේලය දෙසින් යමෙක් " අක්කෙ දැන් බත් බැඳල වැඩක් නෑ" කියනු ඇසින. නිමාලි වහාම දොරෙන් එබිකම් කර බැලූමුත් කිසිවෙකු පෙනෙන්නට නැත. ඉන් අනතුරව ගේ වටා ගොස් බැලූ මුත් කිසිවෙකු නැත.

ගෙවත්ත වටා බැම්මද නිවසට ප්‍රවේශවියහැකි එකම මාර්ගය ප්‍රධාන මාර්ගයෙන් කෙලින්ම නිවසට ඇති කෙටි අතුරු මාර්ගය නිසාත් ඇය තරමක් කලබල විය. යාබද නිවෙස් දෙකින්ද විමසීම් කල මුත් කිසිඳු හෝඩුවාවක් දැන ගැනීමට නොහැකි විය.
පිළියෙල කල බෑගයද බත් පාර්සල් දෙකද වහාම ගෙන දොර ජනෙල් ඉතා හොඳින් වසා ඉක්මනින්ම පාරට දිවගිය ඇය බසයක් එනතුරු නිවසට හැරෙන තුන්මන් හන්දියේ වූ සිල්ලර කඩය මිදුලේ වූ බස් නැවතුමට ගොඩවිය. මේ අතර සිල්ලර කඩයෙන්ද නිවසට ආගිය යමෙක් පිළිබඳ විමසීමක් කලද සතුටු දායක පිළිතුරක් නොලැබින. පැමිනි මීලඟ බස් රථයෙන් රෝහල කරා යනවිට දොලහ හමාරද පසුවී තිබින. වහාම වාට්ටුව වෙත දිවගිය ඇයට දක්නට ලැබුනේ මවගේ මුහුන ආවරනය කර තිබූ සිරුරයි.

රෝහලට යාමට සැරසෙද්දී ඇයට අනාවැකි කිව්වේ කව්ද ? අදටත් ඇයට මෙය ප්‍රහේලිකාවකි.

Monday, November 9, 2015

මලවුන්ගේ ක්‍රියාවන් කැමරා කාචයේ සටහන් වෙයි The Living Dead

මලවුන්ගේ ක්‍රියාවන් කැමරා කාචයේ සටහන් වෙයි.

( සිංහල මාධ්‍ය කරනයේ පලමු දිග හැරුම 2015.11.09 )


අවුරුදු පහක පර්යේෂනයක් මත සැකසුනු වාර්තාමය වැඩසටහන


පසුගිය දශකයෙහි මුල්භාගයේ එංගලන්තයේ නොෆොක් හි ස්කෝල් නම් ගමෙහි නිවසක පොළොව යට තනිව වෙන්වූ කාමරයක මෙම අත්හදා බැලීම සිදුකර ඇත. මෙහි නිරීක්ෂකයන් වශයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආතර් එලිසන්, මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය ඩේවිඩ් ෆොන්ටානා, කේම්බ්‍රිජ් සරසවියේ ජීවවිද්යාඥ ආචාර්ය රූපට් ශෙල්ඩ්‍රෙක්, බ්‍රිතාන්‍ය සමන් සමාජය නියෝජිත (British Skeptic Society) ශෂ්‍ය විද්යාඥ මොන්ටේගු කීන්, වසර 40ක පලපුරුද්ද ඇති වෘර්තීය මැජික් ශිල්පියෙක් සහ තවත් විද්යාඥයින් කන්ඩායමක් ඇතුලු සාමාන්‍ය පුද්ගලයින් සියගණනක පිරිසක් සහභාගි වී ඇත. මෙහිදී අදිසි බලවේග සමග සබඳතා පවත්වන කන්ඩායමක් ( A Team of Mediums ) විසින් තම හැකියාවන් එලිදක්වන ලදී. අවුරුදු 5ක් තිස්සේ වරින්වර එකම ස්ථානයක සිදුකල මෙම අද්‍යයනය මහත් ආන්දෝලනයකට ලක්විය.



මෙහිදී විකසනය නොකල ඡායාරූප පටල ( Film Rolls)  වල විවිධ භාෂා වල වැකි සටහන්වීම, පුද්ගල ඡායාරූප සටහන් වීම, ක්‍රමික වර්ණ රටාවන් සටහන් වීම, හඬ පටවල විවිධ පුද්ගලයින්ගේ ප්‍රකාශන සටහන් වීම, ඉතා පැරනි භාන්ඩ මේස මතට වැටීම, ඉතාලියේ ජීවත්වන ආචී නම් පුද්ගලයෙකුට අයත් පලමු පරම්පරාවේ වෑල්ව් රේඩියෝවක් 100% රේඩියෝ තරංග වැලැක්විය හැකි කුටීරයක් තුලදී ක්‍රියාත්මක වී ආත්ම "ආචී" සමග සංනිවේදන කටයුතු කිරීම එමෙන්ම එම රේඩියෝව අක්‍රිය ( Stitch Off ) කලපසුද "ආචී" සමග විවිධ මලගිය පුද්ගලයන් සංවාදයේ යෙදීම ආදී බොහෝ අසාමාන්‍ය සිදුවීම් නිරීක්ශනය කරඇත.



මෙම  පරීක්ෂනය සඳහා අධෝරක්ත කැමරා, නිශ්චල කැමරා, අති ස්ංවේදී මයික්‍රෆෝන හා ශබ්ද විෂ්ලේශක මෘදුකාංග භාවිතා කර ඇත. මෙහි නිරීක්ෂකයන් සියලුදෙනා කිසිම ආකාරයක උපක්‍රමික වංචාවන් නැතහොත් මැජික්ශිල්පය (tricks) භාවිතා නොකලබව නිරීක්ෂක කන්ඩායම තරයේ කියා සිටී. අද්භූත භෞතික සංසිද්ධීන්ගේ විශාල එකතුවක් මෙහිදැක්වේ. The Scole's Experiment නමින් පොතක් සියලු සිද්ධීන් අලලා ප්‍රකාශයට පත් කොට ඇත.


ලංකාවේ මෙ පිළිබඳ ප්‍රචාරයන් නොවෙතත් බටහිර රටවල මෙය තරමක ආන්දෝලනයට තුදුඩුන් කරුනක් විය.මේ පිළිබඳව හේතුවාදී සංගම් හා සමහර විද්යාඥයින් විවිධ චෝදනා එල්ල කොට ඇත. මෙහි බොහෝ අවස්ථාවල පාලිතයක් (Control ) දක්නට නොලැබේ. එමෙන්ම පරීක්ෂණය සිදු කොට ඇත්තේ පෞද්ගලික නිවසක බිම්මහලේ කුටියක් තුලයි. එම නිසා වංචාවක් සිදුකල බවට චෝදනා කිරීම යුක්ති සහගත බව මමද පිළිගනිමි. සම්මත විද්‍යාත්මක ක්‍රම වේදය ගැලපෙන්නේ විද්‍යාත්මක පර්යේශන සඳහා පමනක් වීම මෙයට හේතුවයි. නමුත් යමක ප්‍රතිපලයක් බැලීමට හැමවිටම පාලිත තත්වයක් ( Controlled Condition ) අවශ්‍ය නොවේ. මූලිකව බහු සාධක (Multi factor ) පර්යේෂන වලදී පාලිතයක් (Control Sample ) අවශ්‍ය වන්නේ පර්යේෂනයක් අවසානයේ සංඛ්‍යාන විද්‍යාත්මක විශ්ලේශනයේදී අහඹු දෝෂය ( Random Error )  හා ප්‍රතිකාරයේ බලපෑම ( Treatment Effect ) සංඛාත්මකව ගනණය කිරීමටයි. නිකම් මේසයක් මත film roll එකක්  තබා ටික වෙලාවකින් විකසනය කලහොත් ඉබේටම අරුතක් ඇති යමක් සටහන් වී ඇතිබව කිසිදාක ඔබ දැක නැති බව ස්ථිරයි.

දැනට සිටින හේතුවාදී සංගමයේ මහ මොලකරැවන අති දක්ෂ මැජික් ශිල්පි ඇමරිකානු ජාතික ජෙම්ස් රැන්ඩි මහතා මෙය දකින්නේ හුදු මැජික් උපක්‍රමයක් ( Physic Trick) ලෙසයි. එතුමාගේ මැජික් ශිල්පය සැබෑවක් බවට තර්ක උවමනා නැත. එමෙන්ම  පාරභෞතික යයි කියමින් මිනිසුන් රවටන පුද්ගලයින් ගනනාවක් එතුමා නිරුත්තර කර ඇත. නමුත් අවුරැදු 40 ක පලපුරැදු මැජික් ශිල්පියෙකු හා පලපුරුදු විද්වතුන් සමූහයක් සමග සාමාන්‍ය ජනයාගෙන් සමන්විත නිරීක්ෂකයන් බොහෝ ප්‍රමානයකගේ ඇස් සියගනනක් එක විට රැවටීම කල හැකි දෙයක් යැයි තේරුම්ගැනීම අපහසුය. මෙහි සිද්ධීන් 99% ම ව්‍යාජ යයි උපකල්පනය කලද 1%ක් සත්‍යවියයුතුය. එසේ නම් අපගේ මානයෙනි ඔබ්බෙහි යමක් ඇතිබව තේරුම් ගැනීමට තර්ක උවමනා නැත.

හේතු වාදීන් යනු එක්තරා ආකාරයක අන්තවාදීන් ( Extremist ) කොටසකි. එමනිසා සමහර රටවල සමාජ අහිතකර කොටසක් (Anti-Social movement ) හැටියට මොවුන් සලකති. විද්යාඥයින් සියල්ල හේතුවාදීන් නොවෙති. එමෙන්ම සියලු හේතුවාදීන් විද්යාඥයන් නොවෙති. පර්යේෂකයෙකුට නිදහස් මනසක් ඇතොත් පමනක් විශිෂ්ඨ වියහැක. එසේ නොවුනහොත් පවතින විද්යාත්මක න්‍යායයන් බිඳනොවැටේ. නව න්‍යායයන් නිර්මාණය බිහි නොවේ. යමෙක් හුවා දක්වන්නවූ ප්‍රායෝගික උදාහරන කිහිපයක් හෝ තමන් ප්‍රත්යක්ෂ කරගත් කරුනු යම් ප්‍රමානයක් මත තම මනසේ දැඩි සීමාවන් පනවා අනෙකුන්ටද බලෙන් චින්තන සීමාවන් පැමිනවීමට හැකියාවක් ඇත්දැයි ඔවුන්ටම සිතා බැලියයුතු කාලයයි මේ. ඖෂධ සමාගම් මගින් වෛද්‍ය පර්යේෂකයන්ට කප්පම් දී සාවද්‍ය පර්යේෂන වාර්තා මත අහිතකර ඖෂධ පොවා මානව වර්ගයාම රෝගී කිරීමේ ව්‍යසනය ගැන හේතුවාදීන්ගේ විවේචන තර්ක අපට නුහුරුය. මෙ ගැන වෙනමම පෝස්ට් එකක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

ලොවපුරා සිටින හේතුවාදී සංගම්වලින් අරමුදල් රැස්කරවා ගෙන "අරක කලොත් ඩොලර් මිලියන මෙච්චරයි". "මේක කලොත් ඩොලර් මිලියන මෙච්චරයි" කියමින් මාධ්‍ය ඉදිරිපිට කෑගසා "හේතුවාදී මනසකින් යුතු පරපුරක් බිහිකරවීමට අද්‍යාපනයට මෙතරම් මුදලක් අප වැයකරනවා" කියමින්, තම සාමාජිකයන්ට මැජික් පෙන්වා පොකට් එකට තට්ටුකර අවුරුදු 80 ඉක්මවුවද සමලිංගික චර්යාවේ යෙදෙමින් එම විවාහ අයිතීන් ඉල්ලමින් ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට  ජේම්ස් රැන්ඩි කොතරම් දක්ෂලෙස තම මැජික් ශිල්පය සාමාන්‍ය ජීවිතයට යොදාගෙන ඇත්ද?


(භාෂා අඩුලුහුඩුකම් ඇතොත් සමාවන්න )

මෙම පරීක්ෂනය අලලා සකස්කල සම්පූර්න වාර්තා වැඩසටහන් පහත ලින්ක් එකින් ඔබට නැරඹිය හැක.



ආධ්‍යාත්මයට මුවාවී කරළිය පැමින මැජික් පෙන්වා මිනිසුන් රවටන වංචනිකයින් පාදක කොට සියලු ආකාරයේ සාම්ප්‍රදායික දැනුම් පද්ධතීන් මිත්‍යාවන් බව පැවසීමට විද්‍යාව කොපමන දියුනු උවද කිසිවෙකුටත් නොහැකි වනු ඇත.

Saturday, November 7, 2015

හේතුවාදීන්ට අභියෝගයක් A Challenge To Rationalists

ගරු හේතුවාදී සංගමයේ විද්‍යාවිශාරද සියලු සාමාජික සාමාජිකාවන් වෙතටයි !